අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රු.64,000ක මුදලක්ද සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ෂණ කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 19 වන වියේ පසුවන සැකකරු ගල්කිස්ස ඥානතිලක මාවත ප්‍රදේශයේ කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ෂණ කණ්ඩායමේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.