අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථනයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත.
කලුඅග්ගල, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 වන වියේ පසුවන සැකකරු සපුගස්කන්ද පමුණුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන සපුගස්කන්ද පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සපුගස්කන්ද පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.