අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 312ක් සහ හෙරොයින් ග්‍රෑම් 310ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 වන වියේ පසුවන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.