අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 760ක් සහ ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 430ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 24 සහ 45 වයස් වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු සහ 34 වන වියේ පසුවන සැකකාරියක් මෙලෙස කොරලවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරු මත සිදුකළ වැටලීම් වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.