අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 170ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 වන වියේ පසුවන සැකකරු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 29 වන වියේ පසුවන සැකකාරිය, ග්‍රෑන්ඩ්පාස් මහවත්ත සහ වෙහෙරගොඩැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.