අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන 26 සහ 29 වන වයස් වල පසුවන සැකකරුවන් නවගම්පුර සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරු මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.