අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 800 ක් සහ අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 19 සහ 26 වන වියේ පසුවන සැකකරුවන් ඔරුගොඩවත්ත සහ ලෙයාඩ්ස්බ්රෝඩ්වේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරුමත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.