අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 110ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 36 වන වියේ පසුවන සැකකරු සහ 38 වන වියේ පසුවන සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් ස්ටේස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඔ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.