අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 700ක් සහ අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොස්ලන්ද සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 28 සහ 38 වයස් වල පසුවන සැකකරුවන් තලංගම බෝධිරාජ මාවත සහ වැලිපාර හන්දිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.