අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනෙකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස, රත්මලාන සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 17, 18, 29 සහ 40 වයස්වල පසුවන සැකකරුවන් ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් හතරකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.