අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 වන වියේ පසුවන සැකකරු මාදම්පිටිය රන්දිය උයන මහල් නිවාසයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාදම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.