අයිස් ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන 24 වන වියේ පසුවන සැකකාරිය අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.