අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 730ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ අයිස් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 වන වියේ පසුවන සැකකරු සහ යටියන ප්‍රදේශයේ පදිංචිකාරියක වන 24 වන වියේ පසුවන සැකකාරිය මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහරගම පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහරගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.