අයිස් ග්‍රෑම් 15ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 වන වියේ පසුවන සැකකරු බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.