අයිස් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 500ක් සහ ගංජා ග්‍රෑම් 11ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
මාලඹේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 33 වන වියේ පසුවන සැකකාරිය මාලඹේ ගොඩැල්ලවත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාලඹේ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.