අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
අස්ගිරිය සහ උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 31 සහ 33 වයස්වල පසුවන සැකකරුවන් ගම්පහ අස්ගිරිය සහ වතුමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගම්පහ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.