අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක් සහ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 330ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත.
ආණමඩුව සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන් වන 31 සහ 51 වයස් වල පසුවන සැකකරුවන් බැන්ඩියමුල්ල හා අස්ගිරිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ගම්පහ බැන්ඩියමුල්ල හා අස්ගිරිය යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගම්පහ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.