අයිස් ග්‍රෑම් 11ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (27) දින අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 21 වන වියේ පසුවන සැකකරු මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.