අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 41 වන වියේ පසුවන සැකකරු ගල්කිස්ස හොටෙල් පාර, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.