අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 28 වන වියේ පසුවන සැකකරු පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියවෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.