අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇත.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 43 වන වියේ පසුවන සැකකරු බියගම සියඹලාපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බියගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.