අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගම්පහ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත.
තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 වන වියේ පසුවන සැකකරු නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නිට්ටඹුව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.