අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 31 වන වියේ පසුවන සැකකාරිය සීදූව උදම්විට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදූව පොලිසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.