අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වන වියේ පසුවන සැකකරු ග්‍රෑන්ඩ්පාස් ස්ටේස් පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.