අයිස් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු,බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 29 වන වියේ පසුවන සැකකරු කැලණිය පට්ටිය හන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.