අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 වන වියේ පසුවන සැකකරු පෑලියගොඩ ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.