අයිස් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 642 ක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන ඇත.
හීනැටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 වන වියේ පසුවන සැකකරු උන්නාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.