අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 27 වන වියේ පසුවන සැකකරු වැල්ලම්පිටිය වෙලේවත්ත හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.