අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් මිලිග්‍රෑම් 610ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, වැලිගෙපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 වන වියේ පසුවන සැකකරු වැලිගෙපොල හපුගහකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගෙපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගෙපොල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.