අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු, පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (29) දින අත්අඩංගුවට ගෙන ඇත.
පදවිය සහ තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන 24 සහ 25 වන වියේ පසුවන සැකකරුවන් පදවිය දලුක්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් සිදුකරන ලද වාහන පරික්ෂාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන පදවිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පදවිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.