අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර .මොහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ඥාතියෙකු බව ද වාර්තා වේ.
අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසීය.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සඳහන් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවටද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන ලදි.

