2020.01.16 වන දින දොම්පේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් රන් භාණ්ඩ උකස් ගන්නා ආයතනයකට ඇතුලු වී ගිනි අවි පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර එම කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අපරාධය අදාල දුරකථන විශ්ලේෂණ වාර්ථා ඔස්සේ සිදුකල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් සමඟ පසුගිය (22) දින අත්අඩංගුවට ගෙන ඇත.
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 වන වියේ පසුවන සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සොරාගත් භාණ්ඩ සන්තකයේ තබාගැනීම සහ විකිණීම සඳහා බැහැර කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 වන වියේ පසුවන මෙම සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙහි පළමු සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මොහු 2020.12.02 දින පිළියන්දල ප්‍රදේශයේ යතුරුපැදියක් සොරකම් කිරීම, 2020.12.18 දින හෝමාගම ප්‍රදේශයේදී ගිනිඅවියක් පෙන්වා බිය ගන්වා රු.250,000 ක මුදලක් කොල්ලකෑම, 2021.01.10 දින තංලගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් රු.514,500ක මුදලක් හා ජංගම දුරකථනයක් කොල්ලකෑම, 2021.01.15 දින ගම්පහ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට ඇතුලු වී ගිනිඅවි පෙන්වා බිය ගන්වා රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකෑම සහ හක්මන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 37ක් වටිනා මුදල් හා දේපල කොල්ලකෑම යන අපරාධ සියල්ලට අවශ්‍ය කර සිටි සැකකරුවකු බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.