අද (13) පස්වරුවේ තලංගම අකුරේගොඩ ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.
අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බව සඳහන් ය.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T 56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මේ වනතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.
කවුරුන් විසින් කුමණ හේතුවක් මත අදාළ වෙඩිතැබීම සිදුකළේද යන්න සම්බන්ධයෙන් තලංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

