ඊයේ (20) දින දකුණු මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය රැසක් රැගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබේ.
ඒ අනුව එම යාත්රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.
තවද මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.


