හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ 2025.03.16 දින අත්අඩංගුවට ගෙන ඇත.
කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 වන වියේ පසුවන සැකකරු මොරටුව දන්දෙනියවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් සන්තකයේ් තබාගෙන සිටින පුද්ගලයකු මොරටුව දන්දෙනියවත්ත ප්‍රදේශයේ සිටින බවට මොරටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.