ඊයේ (20) රාත්රී කාලයේදී හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.
මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය විසින් සඳහන් කර ඇති අතර වයස අවුරුදු 23ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

