අද (22) අලූයම හම්බන්තොට සූරියවැව, වැවේගම කැළෑබද ප්රදේශයේ වාඩියක් තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් ඇත.
වෙඩි වැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලිසිය සැක පළකරන අතර මෙම සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇත.
අද අලූයම මොහු අත්අඩංගුවට ගැනීමටයාමේදී සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වෙඩි තබා ඇති අතර අත්බෝම්බයක්ද නිලධාරින් දෙසට එල්ල කර ඇත.
වෙඩිහුවමාරුවේදී තුවාල ලැබූවිශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වාඩියේ සිටි අනෙක් සැකකරු වෙඩිහුවමාරුව අතරතුරදී පළාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්රියාත්මකයි.