රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 37,20 සහ 19 වයසැති තිදෙනෙකි.
පොලීසියට ලද තොරතුරක් මත පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙලෙස මත්කරල් 20000ක් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අඹුසැමි යුවළ රුපියල් 23,000ක මුදලකට කුලියට ලබාගත් නිවසක රැදී සිටිමින් මත්කරල් ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලීසිය සදහන් කර ඇත.
සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

