ඊයේ (31) පස්වරුවේ හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05 ක් පමණ වූ මුදල් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 38 ක් වන සැකකරු ගන්දර දෙවිනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම සැකකරු විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු වන බවට හා මොහු විසින් එම ජාවාරම්කරුගේ ජාවාරම් වලින් උපයන මුදල් සම්බන්ධව කටයුතු කරන අයෙකු බවටද අනාවරණය වී ඇත.
සැකකරු අද (01) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

