දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 251.18ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 85ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) අවසර ලබා දෙන ලදි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (3) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දකුණු මුහුදු තිරයේදී ”සීදේවි” නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දෙන ලදි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලදි.

