ඊයේ (24) අලූයම බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ සංගීත ප්රසංගයක් නිමවී පාගමනින් ගමන්කරමින් සිටි පිරිසකට වෙඩි තබා තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන් වන 19 සහ 20 වනවියේ පසුවන සැකකරුවන්ු දෙහිවල සහ රත්මලාන ප්රදේශවලදී අත්අඩංගුවටගෙන ඇත.
අත්අඩගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු ස`දහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.