සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී‘ ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.
රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.
2024 වසරේදී දෙසැම්බර් 09වෙනිදා ඇප ලබා ගැනීමෙන් අනතුරුව මුහුදු මගින් ඉන්දියාව වෙත පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
ඒ අනුව අද (27) අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.
මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී සඳහා කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ලදි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා සඳහන් කරන ලදි.

