පෑලියගොඩ වෙදමුල්ල ප්රදේශයේදී මොට ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී ඊයේ (19)දින සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 46 වන වියේ පසුවූ කැලණිය වෙදමුල්ල ප්රදේශයේ පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරැ අත්අඩංගුවට ගැනීම සදහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෘත ශරීරය කොළඹ පොලිස්මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.