පසුගිය 2025.05.17 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තුසිත හල්ලොලුව නැමති පුද්ගලයකු සහ තවත් පුද්ගලයකු ගමන් කරමින් සිටි ජීප් රථයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹා තිබූ අතර ඒ අනුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි යතුරුපැදියේ පැදිකරු හා එම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 4ක් ද සමඟ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන 31, 32 සහ 40 වයස් වල පසුවන සැකකරුවන් තිදෙනෙකු වත්තල සහ කිරුළපන ප්‍රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (28) දින කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාරාහේන්පිට පොලීසිය සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.