පසුගිය 05 දා ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔරලෝසුකණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් දෙදෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07)අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 31 සහ 32 වනවියේ පසුවන්නන් බව පොලිසිය විසින් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.