පසුගිය (03) දා අලූයමගන්දර, කපුගම ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සදහා යොදාගත් යතුරුපැදියද සම
ග මාතර කොට්ඨාසඅපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරු වන් වන 28 සහ 47 වනවියේ පසුවන මෙම සැකකරුවන් වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස්වසම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් එකී අපරාධය සිදුකළ වෙඩික්කරු හා යතුරුපැදිකරු වන අතර සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.