පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (06) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 32ක් වන සැකකරු බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


1 Comment
Dive into the relaxing world of skincare time makeover asmr! This game offers a delightful blend of beauty routines and satisfying ASMR sounds. Perfect for unwinding, you’ll enjoy customizing looks and experiencing calming gameplay. It’s a fantastic way to de-stress and get creative with virtual makeovers.