කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් මාල කඩන්නෙකුගේ උදරයේ තිබී හමුවීමත් සමග නාවලප්ිය මහේස්ත්රාත් විසින් බන්ධනාගාර නිලධාරී අධීක්ෂණයෙන් විරේක ගැන්වීමෙන් පසු එය එළියට ගන්නා ලෙස නියෝග ලබා දී එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වූ නාවලපිටියේ පුද්ගලයෙක් බව පොලිසිය විසින් සඳහන් කරන ලදි.
මොහු විසින් නාවලපිටිය කැටඹුලාව ප්රදේශයේ කාන්තාවක ගෙලබැඳි රන්මාලය කඩා ගැනීමෙන් පසු නාවලපිටිය පොලිසිය සහ ප්රදේශවාසීන් අල්ලා ගන්නා අවස්ථාවේම එය ගිලදමා ඇති අතර නමුත් ඔහු වරද පිළිනොගැනීම නිසා නාවලපිටිය රෝහලට ඇතුළත් කර එක්ස්රේ ඡුායාරූපයක් ගෙන පරික්ෂා කිරීමෙන් පසු කඩාගත් මාලය මොහුගේ උදරයෙන් සොයාගෙන තිබේ.
ඒ අනුව පොලිසිය මොහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පොලිසිය පවසන්නේ මොහු මීට පෙරද මාල කැඞීම නිසා බන්ධනාගාර ගතව මෑතකදී එළියට පැමිණ ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.