අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671 ග්‍රෑම් 452 ක් හා හෙරොයින් කිලෝ 191 ග්‍රෑම් 752 ක් සන්තකයේ තබාගෙන යාත්‍රා කරමින් තිබූ බහුදින ධිවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
හික්කඩුව, අහුංගල්ල, බේරුවල, ගෝනුපීනුවෙල හා අළුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අවු. 20 ත් 58 ත් අතර වියේ පසුවන සැකකරුවන් ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 07 දෙනා සමඟ මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට – බටහිර කොළඹ වරාය තීරයට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත.
වැඩිදුර විමර්ෂන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.