විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක්, ජංගම දුරකථනයක්, තරාදි 02ක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 03කට අධික වන බව පොලීසිය විසින් සොයාගෙන තිබේ .
බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමෙන් පසු මෙම අයිස් මත්ද්‍රව්‍ය සහ සෙසු උපකරණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

